අඟහරු මතට ගිය Perseverance රෝවරය

Share

ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 2.30ට පමණ පර්සවේරන්ස් (Perseverance) රෝවරය අඟහරු ග්‍රහයා මතට ගොඩබැස්වීම සිදු කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම රෝවරය නාසා ආයතනය විසින් 2020 ජූලි මස 30 වැනි දා අඟහරු ග්‍රහලොව බලා දියත් කරවීම සිදු කරනු ලැබිය

අඟහරු මත අතීතයේ ජීවය පැවතියා ද යන්නට සාක්ෂි සොයා ගැනීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.

රෝවරය අති නවීන ගවේෂණ උපකරණවලින් සමන්විත වන අතර එය ගොඩබසින ජෙසීරෝ ක්‍රැටර් (Jezero Crater) ප්‍රදේශය අතීතයේ අඟහරු මත ජලය පැවැති ප්‍රදේශයක් බවට ප්‍රබල සාක්ෂි ලැබී ඇති ප්‍රදේශයක් ය.

කැමරා 20ක්, මයික්‍රොෆෝන 2ක්, ඩ්‍රෝන යානයක් මේ මෙහෙයුමට අන්තර්ගත කර තිබේ.

පෘථිවියෙන් එපිට ග්‍රහලොවක දී පළමු වරට ඩ්‍රෝන යානයක් පියාසර කරවීම, අඟහරු ග්‍රහලොවෙහි දී පළමුවරට ශබ්ද පටිගත කිරීම මෙම මෙහෙයුමෙහි විශේෂ ක්‍රියාකාරකම් අතර වන බව විදෙස් මාධ්‍ය වැඩ්දුරටත් පවසයි.

Read more

Local News