දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සදහා වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ට දායකත්වය අගයනු වස් වාර්ෂිකව සංවිධානය කරන, ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළ 2017 ඊයේ (26) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ඒ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් 08 දනෙකු වෙත විශිෂ්ටතා සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
මේ අතර දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් විදේශීය ව්‍යාපෘති ඉදිකිරීම දිරිගැන්වීම සහ ඇගයීම සදහා මෙවර එක් කරන ලද නව සම්මාන 03 ක් මෙහිදී ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.
ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන සදහා වන පාරිසරික මාර්ගෝපදේශන සංග්‍රහය ද මෙහිදී නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය.