26වැනි චීන ජාත්‍යන්තර ආ‍යෝජන හා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බරයේ

Share

26වැනි චීන ජාත්‍යන්තර ආයෝජන හා වෙළඳ ප්‍රදර්ශනය එළඹෙන සැප්තැම්බර් 8වැනිදා සිට 11වැනිදා දක්වා චීනයේ Fujian පළාතේ Xiamen නගරයේ පැවැත්වීමට නියමිතය. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය ඊයේ(25) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
මේ වන විට සියලු පූර්ව සූදානම් කටයුතු සාර්ථකව අවසන්ව තිබේ. රටවල් හා කලාප 123කට අධික සංඛ්‍යාවක නියෝජිත පිරිස් ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ලිපාපදිංචි වී ඇත. රටවල් හා කලාප 60ක් එහිදී ප්‍රදර්ශන ආරම්භ කරනු ඇත.
මෙම ප්‍රදර්ශනයේ ගෞරවනීය ආරාධිත රටවල් වන ෆින්ලන්තය සහ සෞදි අරාබිය, ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ඉහළ මට්ටමේ රජයේ හා ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් සංවිධානය කර හුවමාරු ක්‍රියාකාරකම් මාලාවක් පවත්වනු ඇතැයි අද පැවති මාධ්‍ය හමුවේදී හෙළි විය.

Read more

Local News