කෘත්‍රිම ශාරීරාංග සමගින් අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැන්නා

පෘථිවි කක්ෂයට පිවිසෙන ළාබාල ම අමෙරිකානුවා මෙන්ම කෘත්‍රිම ශාරීරාංග සමග අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැන්නා බවට 29 හැවිරිදි හේලි ආර්සෙනෝව් පත් වීමට නියම්ත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඇය දරුණු අස්ථි පිළිකා රෝගයෙන් සුවය ලැබීමෙන් අනතුරුව ගගනගාමියෙක් වූ පළමු කාන්තාව බව වාර්තා වෙයි.

ඊලොන් මස්ක් නම් ව්‍යාපාරික අධිපතියා බිහි කළ ස්පේස් එක්ස් (SpaceX) සමාගම නිෂ්පාදනය කළ ෆැල්කන් 9 (Falcon 9) රොකට්ටුව මේ වසර අවසානයේදී ෆ්ලොරීඩාවෙන් හේලි ආර්සෙනෝව් අභ්‍යවකාශයට ගෙන යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩ්දුරටත් වාර්තා කරයි.

මෙම තරුණිය ගේ පාදවල අස්ථි සමහරක් වෙනුවට කෘත්‍රිම අස්ථි යොදා තිබෙන බවටද වාර්තා වෙයි.