හිරුණිකාට එරෙහි නඩුව මාර්තු 10 වැනිදාට කැඳවන්න නියෝග

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව විභාග කරන දිනය තීන්දු කිරීම සඳහා එය මාර්තු 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියමකර තිබේ.

 

මෙම නඩුව අද (25) කොළඹ මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා කොළඹ, දෙමටගොඩ පුදේශයේ වෙළෙඳසැළක සේවය කළ අමිල ප්‍රියංකර අමරසිංහ නමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් වර්ගයේ රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර, පහරදී අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන්ට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇයගේ ආධාරකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ නඩු පවරනු ලැබීය.

නඩු විභාගය අතරවාරයේ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් 8 දෙනා ඉකුත් 2017 වසරේ නොවැම්බර් මස 24 වනදා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබු අතර අනතුරුව අධිකරණය විසින් ඔවුන්ට වසර 12කට අත්හිට වූ වසර 02ක් බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ දඩ නියම කරනු ලැබීය.

එහෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම චෝදනාවලට වරද පිළි නොගැනීම හේතුවෙන් ඇයට එරෙහිව මේ වනවිට නඩු විභාගයක් පවත්වයි.

Read more

Local News