කුකුළෙකුගේ ප්‍රහාරයකින් අයෙක් මරුට

Share

පොර කුකුළෙකු ගේ ප්‍රහාරයක් හේතුවෙන් එම කුකුලාගේ හිමිකරු ඝාතනය වීමේ පුවතක් ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

” රාජා” යන නාමයෙන් හඳුන්වන මෙම පොර කුකුළා තෙලංගනා ප්‍රාන්තයේ, ගෝලපාලි නම් ග්‍රාමයේ පිහිටි කෝවිල් උත්සවයක් ආසන්නයේ පැවති පොර කුකුල් තරගයක් සඳහා ඉදිරිපත් කොට තිබේ.

මෙම පොර කුකුළා තරගයෙන් පළා යාමට උත්සාහ කිරීමේදී ඔහුව අල්ලා ගැනීමට හිමිකරු වන සතිෂ් නම් පුද්ගලයා උත්සහ කිරීමේදී කුකුළාගේ පාදයේ ගැට ගසා තිබු “කෝඩි කත්ති” (සටනේ දී ප්‍රතිවාදියාට පහර දීම සඳහා සකසා කුකුළා ගේ පාදයේ ගැට ගසා ඇති අඟල් 3ක් දිගැති තියුණු පිහියක්) පිහිය හිමිකරුගේ සිරුරේ සංවේදී ස්ථානයක ඇනිමෙන් සිදුවූ අධික රුධිර වහනය වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් රාජා යන කුකුළාව පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර නඩු භාණ්ඩයක් ලෙස ඉදිරියේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

මෙම පොර කුකුල් තරගය සඳහා පුද්ගලයින් 15ක් පමණ සහභාගිවී ඇති අතර ඔවුන් සොයා මෙහෙයුමකද ආරම්භ කර තිබේ.

Read more

Local News