ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකුට වසර 3ක සිර දඬුවමක්

Share

දූෂණ චෝදනාවලට අධිකරණය හමුවේ වරදකරුවීම හේතුවෙන් ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3 ක සිර දඬුවමක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහුගේ සහායකයින් දෙදෙනෙකුට ද සිර දඬුවම් නියමවූවත් එය අත්හිටුවා තිබේ.

සිය දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් පැවැත්වෙන අපරාධ විමර්ශනයකට අදාළව තොරතුරු ලබා ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයෙකුට මොනාකෝ රාජ්‍යයේ තනතුරක් ප්‍රදානය කිරීමෙන් අල්ලස් ලබාදීමට තැත් කල බවට හිටපු ප්‍රංශ ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණි.

Read more

Local News