සාර්ථක ගුවන් ගමනකින් පසු ගොඩබැමේදී පුපුරා ගිය රොකට් යානාව

Share

අමෙරිකාවේ ටෙක්සාස් හි අත්හදා බැලීමේ සාර්ථක ගුවන් ගමනකින් අනතුරුව Starship අගහරු රොකට්ටුවේ මූලික ආකෘතියක් වන ස්පේස්එක්ස් හි SN10 රොකට් යානාව ගොඩබෑමට යන අවස්ථාවේ දී පුපුරා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

ගොඩබෑමට ටික වේලාවක් තිබිය දී රොකට්ටුව පුපුරා යාමට හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණ වී නොමැත.

ගොඩබෑමට මිනිත්තු අටකට පමණ පෙර පුපුරා යාම සිදුව ඇතැයි සදහන්වේ. මෙම රොකට් යානාව චන්ද්‍රයාගේ සහ අගහරු ග්‍රහයාගේ ඉදිරි මෙහෙයුම් සඳහා මිනිසුන් සමඟ ටොන් 100 ක් බර ඇති භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් ලොව අංක එකේ කෝටිපති ව්‍යාපාරික ඉලෝන් මස්ක්ගේ සමාගම නිෂ්පාදනය කරනු ලැබූවකි. 

Read more

Local News