දිවයිනේ වැසි සහිත කාලගුණ තත්ත්වයක්

හෙට දින සිට පවතින වියලි කාලගුණ තත්වයේ වෙනසක් බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් තින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින්තැන සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

Exit mobile version