ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 384ක් වාර්තා විය.
එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 33ක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් 351 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්ය.
ඊයේ දිනයේ වැඩිම රෝගීන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
එම රෝගීන් ගණන 78කි.
ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 ක්
මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35ක් ලෙස වාර්තා විය.
සෙසු ආසාදිතයින් 174 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 84,610ක් වන අතර ඉන් 80,836 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
කොවිඩ් -19 ආසාදිතයින් 3,285 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මෙරට කොරෝනා වැළදී මියගිය සමස්ත රෝගීන් ගණන 489ක් දක්වා ඉහළගොස් තිබේ.
ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් හදුනාගත් ප්‍රදේශ




