රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්න පාලනයට හමුදා සහය

Share

බදුල්ල, රාවනා ඇල්ල රක්ෂිතයේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ, ගින්න නිවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා වනජීවි නිලධාරීන්, පොලිසිය, යුද හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ රාවණා දිය ඇල්ල ජල පෝෂක ප්‍රදේශයවන රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ (5) පස්වරුවේ සිට විශාල ගින්නක් හටගෙන තිබේ.

ගින්න ඊයේ රාත්‍රිය පුරා රක්ෂිතයේ වේගයෙන් පැතිර ගිය අතර එම නිසා මේ වන විට රක්ෂිතයේ අක්කර සියකට වඩා සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වෙයි.

අධික බෑවුම් සහ ගල් පර්වත විශාල ප්‍රමාණයක් ඇති මෙම රක්ෂිතයේ ගින්න පාලනය කිරීම මේ වන විට දැඩි අසීරු කටයුත්තක් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.

මේ වන විටත් ගින්න පැතිර යම්න් පවතින බව වැඩ්දුරටත් වාර්තා වෙයි.

Read more

Local News