පාස්කු ප්‍රහාරය සම්බන්ධ නීතිමය කටයුතු කඩිනමින් : අමාත්‍ය රමේෂ් පතිරණ

Share

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරිමට බොහෝම පැහැදිලි හා කඩිනමින් කටයුතු කරන බව ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කරන බවත්,මෙය යටපත් කිරිමට හෝ සැඟවිමට අප රජයට කිසිම කාරණයක් නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය හා සම කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව කීය.

මාධ්‍ය හමුවේ දී විමසූ පැනයකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා සඳහන් කළේ,පාස්කු ප්‍රහාරය සිදු වුවෙත් , ජනාධිපති කොමිෂන් සභා ස්ථාපනය කරනු ලැබුවේත් පසුගිය යහපාලන ආණ්ඩුව බව නැවත නැවත සිහිපත් කරන බවත්,ඒ සම්බන්ධයෙන් වත්මන් රජය කිසිදු මැදිහත්විමක් සිදු නොවු බවත් කීය

එසේම පසුගිය රජය විසින් පත් කරනු ලැබු ජනාධිපති කොමිෂන් සභා ස්වාධීනව පරික්ෂණ වාර්තාව ඉදිරිපත් කළ බවත්,ඒ පරික්ෂණ වාර්තාව ඉතාමත් කෙටි කාලයක් තුළදී ජනාධිපතිවරයාට හා පාර්ලිමේන්තුව ඉදිරිපත් කර නීතිපතිවරයාට ලබා දෙමින් අනෙකුත් ආගමිකි නායකයින්ට ලබා දිමට කටයුතු කළ බවත් කීය.

එහි දි පසුගිය යහපාලන රාජ්‍ය ආරක්ෂාව හා රාජ්‍ය පාලනය බිඳ වැටිම පිළිබඳව නැවත නැවත සඳහන් වන බවත්,එම රාජ්‍ය පාලනයට සම්බන්ධ වී සිටි සියලු දෙනාම ඒ සම්බන්ධයෙන් වග විය යුතු බවත්, බොහෝම පැහැදිලිවම එම කමිටු වාර්තාවේ සඳහන් වන බව ඇමතිවරයා සඳහන් කළේය.

එසේම එම පැනයටම පිළිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසූවේ,කොමාසන් සභා වාර්තාවල අඩංගු වන්නේ නිර්දේශ පමණක් බව බවත්,ලංකා ඉතිහාසයේ කවරදාකවත් කිසිම ජනාධිපති කොමසන් වාර්තාවල අඩංගු සියලු නිර්දේශ ක්‍රියාත්මක නොවු බවත්,එසේම මෙම නිර්දේශ කොටස් දෙකක් බවත්, එකක්, නීතිමය නිර්දේශ හා දේශපාලහා සමාජමය නිර්දේශ බවයි.නිතිමය නිර්දේශයන්ට අනුව යම් අයෙක්ට නඩු පැවන්න යැයි නිර්දේශ කර තිබුන හොත් එය අනිවාර්යයෙන් නීතිපතිවරයා වෙත යොමු කර බවත්, ඒ තැනැත්තාට එරෙහිව නඩු පවරනවාද, නැද්ද යන කාරණය හුදෙක්ම නීතිපතිවරයාගේ තීරණයක් මිස එයට වෙනත් කිසිම කෙනෙකුට මැදිහත් නොවන බවට අපි ගහබලා ගන්නා බව සඳහන් කළේය.අනිකුත් කාරණා සම්බනධයෙන් ජනාධිපති අනුකමිටුව විසින් සලකා බලනවා මෙම අනිකුත් නිර්දේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ද ? යන්න මෙන් ම ක්‍රියාත්මක කළ හැකි නම් ඒවා ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේ ද යන්න කියන එක සොයා බලා ඉදිරියේ ජනාධිපතිවරයාට එම වාර්තාව ද ලබා දෙන බවද සඳහන් කළේ ය.

Read more

Local News