ඔක්සිජන් හිඟයකින් කොවිඩ් රෝගීන් මිය යාම නිසා ඉල්ලා අස්වූ සෞඛ්‍ය ඇමති

Share

ජෝර්දානයේ කොරෝනා ආසාදිත රෝගීන් පිරිසක් ඔක්සිජන් හිඟයකින් මිය යෑමේ සිද්ධියක් හේතුවෙන් එරට සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට අගමැතිවරයා මේ පිලිබදව අදහස් දක්වමින් සදහන් කරන්නේ එහි වගකීම සම්පුර්ණයෙන් තම රජය භාරගන්නා බවයි.

එය තම රටේ සිදුවූ දැවැන්ත වරදක් බවද අගමැතිවරයා වැඩි දුරටත් පවසයි.

මෙලෙස ඔක්සිජන් හිඟයකින් හිගයකින් මිය ගොස් තිබෙන්නේ ජෝර්දානයේ අම්මාන් අගනුවර රජයේ රෝහලක හදිසි ප්‍රතිකාර, මාතෘ හා කොවිඩ් රෝගීන් පිරිසක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News