විදේශයේ මියගිය කෙසෙල්වත්තේ දිනුකගේ මෘත ශරීරය ලංකාවට

පසුගියදා ඩුබායි හිදී මරණයට පත්වූ බවට පැවසෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධකරු කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැකකෙරෙන මෘත ශරීරයක් මේ වන විට ශ්‍රි ලංකාවට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.

ඩුබායි සිට මාලදිවයින හරහා ශ්‍රි ලංකාවට පැමිණෙන UL 232 ගුවන් යානයෙන් එය මෙරටට රැගෙන පැමිණ ඇති බව වාර්තා වේ

කෙසෙල්වත්තේ දිනුක විදෙස්ගත වී ඇත්තේ වෙනත් නමක් භාවිතා කරමින් වන අතර කෙසේ වෙතත් DNA පරීක්ෂණ සිදුකරන තුරු මෙම සිරුර කෙසෙල්වත්තේ දිනුකගේද යන්න ස්ථිරව සඳහන් කළ නොහැකි බව පොලිස් ආරංචිමාර්ග පවසයි

Exit mobile version