ටැන්සානියා ජනාධිපති ජෝන් මැගෆුලි මහතා මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
ඩාර් එස් සලාම්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 61 හැවිරිදි ජනාධිපති ජනාධිපතිවරයා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කර ඇත්තේ එරට උප ජනපතිනි සමියා සුලූහු හසන් විසිනි.
මේ අතර ජනාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී සිටි බවට කටකතා පැතිර ගිය ද ඒ පිළිබඳව මෙතෙක් සනාථ වී නොමැත.
ජනාධිපතිවරයාගේ අභාවයත් සමග ටැන්සානයාවේ දින 14ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.