උත්සව සමයේ ජනතාවට පොලිසියෙන් දැනුම්දීමක්

Share

රට පුරා පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය හමුවේ සිංහල අළුත් අවුරුදු සමය වෙනුවෙන් සාප්පු සවාරියේ යෙදෙන පිරිස් නිරෝධායන නීතීන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ පිළිබද සොයා බැලීමට මෙන්ම මහජන ආරක්ෂාව සදහා ද සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යොදවන බවත් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිම උදෙසා ජනතාව හැකි උපරිමයෙන් සහාය විය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මේ අතර මෙරටට කොරෝනා එන්නත් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට ද අවසර ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේය.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩකරන ආයතනවලින් කොවිඩ් ආසාදිතයෝ වැඩි ප්‍රමාණයක් දැනට වාර්තාවෙමින් ඇති බවත් එන්නත් ලබාදීම සඳහා මීළඟ ප්‍රමුඛතාව වියයුත්තේ වැඩකරන ජනතාවට බවයි.

Read more

Local News