පාස්කු ප්‍රහාරයට සම්බන්ධව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ අයෙක් අත්අඩංගුවට

Share

ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ මෙහෙයුමක දී ඊයේ (21) දිනයේ ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබි රුපියල් ලක්ෂ 27ක මුදලක් ද සොයාගෙන ඇති අතර අදාල පුද්ගලයාගේ වයස අවුරුදු 42කි.

ඔහු මාවනැල්ල කිරිගංදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Read more

Local News