”මෙඩිකෙයා 2018” ජාතික සුවසේවා ප්‍රදර්ශනය අද

නිරෝගිමත් දේශයක් වෙනුවෙන් යන තේමාව යටතේ පැවැත්වෙන ”මෙඩිකෙයා 2018” ජාතික සුවසේවා ප්‍රදර්ශනය අද (02), හෙට(3) සහ අනිද්දා (4) දිනවල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.

මෙම ප්‍රදර්ශනය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය හා තවත් ආයතන කිහිපයක් එක්ව සංවිධානය කර ඇත.

මෙම ප්‍රදර්ශනය මහජනතාවට විවෘත වන අතර සහභාගී වන සියළු දෙනාටම ඇස් පරික්ෂාව, රුධිර සීනි පරික්ෂාව, HIV පරික්ෂාව සහ පවුල් සැලසුම් සදහා උපදෙස් ආදී සේවාවන් නොමිලේ ලබා ගත හැකිය.

මෙම ප්‍රදර්ශනයට විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙහෙයවන සම්මන්ත්‍රණ මාලාවක් ද පැවැත්වෙයි.

Exit mobile version