ජවිපෙ නායකගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (24) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලමින්.

එහි වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සහ එම කොමිසමේ සාමාජිකයන්, ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය වරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, අල්ලස් කොමිසම, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Exit mobile version