කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළට

අද(24) අලුයම කටුනායක ගුවන්තොටුපොළට කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 112ක් එරට ජසීරා ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබෙන බව වාර්තා වෙයි.

අදාල පිරිස කොරෝනා වෛරසයට බියෙන් තමන් සේවය කළ නිවෙස්වලින් පළා ගොස් සිටියදී එරට ආරක්ෂක අංශ භාරයට ගැනීමෙන් අනතුරුව එලෙස පිටුවහල් කර ඇති බවත් පැමිණි පිරිස ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගත් බවත් ගුවන්තොටුපොළ බලධාරීන් පැවසීය.

Exit mobile version