අදත් දිවයි‍නේ ප්‍රදේශ කිහිපයකට රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි

සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාදෛපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

උතුරු ,උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.