ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදුව ගිනි ගනී

Share

ඉන්දුනීසියාවේ එරට වෙලාවෙන් අලුයම් කාලයේ එරට විශාලතම තෙල් පිරිපහදුව වන රාජ්‍ය තෙල් සමාගමක් යටතේ පවත්වාගෙන යනු ලබන බැලොන්ගන් පිරිපහදුවේ ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ගින්නෙන් පුද්ගලයින් 5ක් පමණ තුවාල ලබා ඇති අතර පිරිපහදුව ආසන්නයේ පදිංචිකරුවන් 950ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ජකර්තා අගනුවර සිට කිලෝමීටර් 200ක් පමණ නැගෙනහිර දෙසට වන්නට පිහිටා ඇති බැලොන්ගන් තෙල් පිරිපහදුව හෙක්ටයාර 340ක වපසරියක පිහිටා ඇති අත‍ෙ ඉන් දිනකට තෙල් බැරල් 125,000ක් සකසනු ලබයි.

Read more

Local News