මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට ගොදුරු වූ වින්දිතයින් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ භික්ෂුුන් වහන්සේලා රුවන්වැලි සෑ රදුන් අභියස ආශිර්වාද පූජාවක (ඡායාරූප)

Share

පසුගිය සෙනසුරාදා දිනයේ ශ්‍රී ලංකාවේ මියන්මාර සාම සංගමයේ සාමාජිකයන් විසින් මෙරට පූජනීය බෞද්ධ ස්ථානයක් වන රුවන්වැලි මහා සෑය වෙත පුජෝපාහාර දක්වමින් පිරිත් සඡ්ඡායනා කරම්න් ආශිර්වාද පූජාවක නිරත වි තිබේ.

එහිදි එක්රැස් වූ භික්ෂූන් වහන්සේලා විසින් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයෙන් ජීවිත අහිමිවූ ජනතාවට පින් අනුමෝදන් කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවන් වෙනුවෙන් එරට සෙත් පතා කරණීය මෙත්ත සූත්‍රය සහ මෝර පිරිත් සඡ්ඡායනා කළහ.

එමෙන්ම පෙබරවාරි මාසයේ දී හමුදාව බලය අල්ලා ගත් දා සිට රඳවාගෙන සිටින ජනාධිපති වින් මයින්ට් සහ රාජ්‍ය උපදේශක අවුන් සාන් සූ කී ඇතුළු මියන්මාරයේ සිවිල් රජයේ සාමාජිකයින් වහාම නිදහස් කරන ලෙස ද යදිමින් භික්ෂූන් වහන්සේලා මෙහිදි පිරිත් සඡ්ඡායනා කරනු ලැබිය. No description available.No description available.No description available.No description available.No description available.No description available. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබන්නේ මිලිටරිය විසින් අත්පත් කර ගැනීමට එරෙහි වූ මියන්මාරයේ විරෝධතාකරුවන් සති අන්තය වන විට මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඉන් සෙනසුරාදා දිනයේ මියන්මාරයේ විරෝධතාකරුවන් ළමුන් හත් දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 114ක් පමණ ජිවිතක්ෂයට පත්වි තිබෙන බවත්ය.

මේ අතර ඊයේ (28) දිනය වන විට ජුන්ටා කුමන්ත්‍රණයෙන් මිය ගොස් ඇති ගණන 459ක් වන බවත් හමුදාව විසින් රදාවාගෙන සිටින සිරකරුවන් අතර පාසල් සිසුන්, තරුණයින්, සහ සිවිල් වැසියන්ද සිටින බවත් එරට දේශපාලන සිරකරුවන් සඳහා වන ස්වාධීන සංගමයේ (AAPP) ස්වාධීන උපදේශක කණ්ඩායම වාර්තා කරයි.

අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය මියන්මාර හමුදාව විසින් සිවිල් වැසියන් ඝාතනය කිරිමට හෙළා දුටු අතර ජගත් සංවිධාන මහා ලේකමි අන්තෝනියෝ ගුටේරස් සදහන් කළේ තමන් මෙකී සිදුවීමි වලින් දැඩි කම්පාවට පත් වූ බවයි.

විරෝධතාකරුවන්ට පලා යන විට වෙඩි තැබීම සහ කුඩා දරුවන් පවා බේරා නොගත් වෙඩි තැබීම රූගත කර ඇති මිලිටරිය හා පොලිසියේ නින්දිත, බියගුලු, කුරිරු ක්‍රියා වහාම නතර කළ යුතුය යනුවෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශක ඇලිස් වයිරිමු නෙඩෙරිටු ජන සංහාරය වැළැක්වීම සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් ඒකාබද්ධ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුහ.

ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ මියන්මාරයේ ජනතාව කුරිරු අපරාධවලින් ආරක්ෂා කිරීමේ වගකීම ජාත්‍යන්තර ප්‍රජාවට ඇති බවයි.

මියන්මාරයේ ඇති වී තිබෙන අයහපත් තත්ත්වය නිසා රජයේ කාර්යාලවල සියයට 90 ක් කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් දියත් කර තිබේ. මෙයට අමතරව පුද්ගලික අංශයේ මිලියන 7.4 ක සේවක පිරිසක් ද වැඩ වර්ජනයට එක් වී සිටිති.  

මියන්මාර් බැංකු සේවකයන් ද වැඩ වර්ජනය කිරීම නිසා මියන්මාර් හමුදා පාලනයට එදිනෙදා කටයුතු සඳහා මුදල් ලබා ගැනීමට ද දුෂ්කර වී ඇත. මේ අතර එරට ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෙකු වන මාහ් වින් කයි තාං පවසා තිබෙන්නේ මියන්මාරය මේ ගත කරමින් සිටිනුයේ ජාතියක් ලෙස අදුරුතම කාල පරිච්ඡේදයක් බවයි. පෙබරවාරි 1 වනදා නායිකා අවුන් සාන් සුචි අත්අඩංගුවට ගෙන කුමන්ත්‍රණයක් මගින් හමුදා පාලකයින් මියන්මාර පාලන බලය සියතට ගැනීමත් සමග එරට වැසියෝ දහස් ගණනින් වීථි බැස විරෝධතාවේ නිරත වන්නට වූහ. මේ අතර පසුගියදා මියන්මාරයේ ක්‍රියාත්මක හමුදා පාලනයට එරෙහිව බෞද්ධ ස්වාමීන් වහන්සේලාත් විරෝධතාවයක නිරත වු බව විදෙස් වාර්තා මාධ්‍ය වාර්තා සදහන් කළේය. හමුදා පාලනය නවතා දමමින් ප්‍රජාතන්ත්‍රවාදිව තේරී පත් වූ අවුන් සාන් සුකී ඇතුළු රජයේ නිලධාරීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ස්වාමීන් වහන්සේලා පාරට බැස යැන්ගොන් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය වෙත පාගමනින් පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව එරට වැසියන් මයිට්කයිනා ප්‍රදේශයේ දී සිදුකරන ලැබූ විරෝධතාවයක් අතරවාරයේදී Ann Rose Nu Tawng නම් කන්‍යා සොහොයුරිය විසින් සිදුකළ ආයාචනාවක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කළේය

 විරෝධතාකරුවන් හට මිලිටරි හමුදාව විසින් බෝමිබ ප්‍රහාර සහ කදුළු ගෑස් එල්ල කර තිබේ.

People in Yangon set up a barricade during a protest against the military coup on Saturday.
Tear gas and fire extinguisher gas float around demonstrators during a protest against the military coup in Naypyitaw, Myanmar, March 8, 2021. REUTERS/Stringer
A woman shows a three-finger salute during a protest against the military coup in Naypyitaw, Myanmar, March 8, 2021. REUTERS/Stringer
Tear gas and fire extinguisher gas float around demonstrators as they run away from police during a protest against the military coup in Naypyitaw, Myanmar, March 8, 2021. REUTERS/Stringer
Demonstrators flash three-finger salute during a protest in Myitkyina, Myanmar March 8, 2021 in this still image obtained by Reuters from a video.

පසුගියදා විරෝධතාවල නිරතව සිටියදී හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉකුත් පෙබරවාරි 9 වනදා විරෝධතාවල නිරතව සිටියදී අදාළ තරුණියගේ හිසට වෙඩි වැදී ඇති බවයි. වෙඩි වැදීම හේතුවෙන් ඇයගේ හිසට දැඩි තුවාල සිදුව තිබූ බව ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසා තිබුණි. හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවලදී ජීවිතක්ෂයට පත් පළමු මියන්මාර පුරවැසියා ඇයයි.

A memorial for Mya Thweh Thweh Khine is seen in Yangon on February 18, 2021.
Mandalay University graduates bow their heads as they hold posters with images of Mya Thweh Thweh Khine on February 14, 2021.

මියන්මාරයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට සිය ව්‍යායාම කිරීම රූගත කරමින් සිටි නර්තන ශිල්පිනියකගේ වීඩියෝ පටයේ පසුබිම තුළ මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයේ පළමු පියවර අහඹු ලෙස රූගත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම අදාල ව්‍යායාම වල නිරත වන නර්තන ශිල්පිනියක ව්‍යායාම සඳහා යොදා ගත් ගීතය ද එරට හමුදා සහ පොලිසිය හාස්‍යයට ලක් කරන ගීතයක් වීමද විශේෂත්වයකි.

මේ අනුව අදාල කාන්තාව ව්‍යායාම වල නිරත වන විට මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයේ පළමු පියවර ලෙස කළු පැහැති හමුදා රථ ආරක්ෂක මුරපොළ වෙත යන ආකාරය දක්නට ලැබේ.

මිලිටරි ජුන්ටාවේ නායක ජෙනරාල් මින් අවුන්ග් හේලින්ග් පැවසුවේ බලධාරීන් අවම බලය යොදවා ඇති බවයි. කෙසේවෙතත්, නොසන්සුන්කාරී තත්ත්වයෙන් හමුදාව පවසන්නේ නොසන්සුන්තාවයෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇති බවයි. මේ අතර සෙනසුරාදා ප්‍රචණ්ඩත්වය ඇති වූයේ කියු මෝ ටුන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම අමතමින් තමා අවුන් සාන් සූ කීගේ රජය වෙනුවෙන් කතා කරමින් කුමන්ත්‍රණය අවසන් කිරීමට උදව් ඉල්ලා සිටීමෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ජුන්ටාව මියන්මාරයේ නව රජය ලෙස නිල වශයෙන් පිළිගෙන නොමැත. එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ටොම් ඇන්ඩෘ තානාපතිවරයාගේ “ධෛර්ය සම්පන්න ක්‍රියාව” ගැන තමා පුදුමයට පත් වූ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ, “එම ධෛර්ය සම්පන්න ඇමතුමට ක්‍රියාවෙන් ලෝකය පිළිතුරු දිය යුතු කාලය මෙයයි” යනුවෙනි.

තවදුරටත් පොලිසිය අනතුරු ඇඟවීම් සිදු කරනු ලබන අතර එය නොතකා විරෝධතාරුවන් විරෝධතාවන්හී නිරත වෙයි.

ඉකුත් පෙබරවාරි 1 වන දා මියන්මාර නායිකා අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට හමුදාව රටේ පාලන බලය සියතට ගත් අතර පසුව මෙම හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් හා යළි ප්‍රජාත්නත්‍රවාදය ස්ථාපනය කරන ලෙස බල කරමින් දහස් ගණන් මියන්මාර වැසියන් වීථි බැස විරෝධතාවල නිරත වෙයි.

ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් අවුන් සාන් සූකීගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ ය.

වසර 50 කට ආසන්න හමුදා පාලනයෙන් පසු මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමන අඩාල කළ කුමන්ත්‍රණය, ලක්ෂ සංඛ්‍යාත විරෝධතාකරුවන් වීදිවලට ​​ගෙනැවිත් බටහිර රටවලින් හෙළා දැක ඇති අතර සමහර පිරිස් සීමිත සම්බාධක පැනවූහ.

මියන්මාර හමුදා ජුන්ටාව අවුන් සාන් සූකී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමින් පෙබරවාරි 1 වැනිදා එරට බලය අත්පත් කරගනු ලැබිය.

Read more

Local News