(update) ඉන්දුනීසියාවේ ගංවතුරින් මිය ගිය ගණන 55ක් දක්වා ඉහළට

Share

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ සිට කුඩා දූපතක් වන ටිමෝර් ලෙස්ටේ දක්වා ඇති වි තිබෙන ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මේ වන විට මිය ගිය පුද්ගලයින් ගණන 55ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික ගංවතුර තත්ත්වය හමුවේ නායයාම් තත්ත්වයක් ද පවතින හෙයින් ජනතාව බේරා ගැනීම සඳහා මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට සහ ගම්මාන 7කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර පුද්ගලයින් 27 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි.

Read more

Local News