ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට යළිත් ඇඳිරි නීතිය පනවයි

Share

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට දැඩි සීමාවන් පනවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ එරට කොරෝනා ආසාදිතයින්ගේ ශීඝ්‍ර ඉහළ යාමත් සමගයි.

ඒ අනුව ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට රාත්‍රී 9 සිට උදෑසන 7 දක්වා රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමට එරට බලධාරින් විසින් තීරණය කර ඇත.

සති අන්තයේ සම්පූර්ණයෙන් ම ප්‍රාන්තය වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇති අතර ඒ අනුව සෑම අන්තයකම සිකුරාදා රාත්‍රී 9 සිට වසා දැමෙන  ප්‍රාන්තය යළි විවෘත කෙරෙන්නේ, සඳුදා උදෑසන 7.00ට.

අදාළ කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවසර ලැබෙන අතර මෙම සීමාවන් අප්‍රේල් 30 දක්වා බලපැවැත්වෙනු ඇති.

ප්‍රාන්තයේ දැනටමත් කොරෝනා මර්දන රෙගුලාසි යටතේ පොදු ස්ථානවල රැස්වීම තහනම් වන අතර පොදු ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියාත්මක අතර සිනමාශාලා ක්‍රීඩාංගණ ආදිය වසා දැමෙනු ඇති.

ආහාර අලෙවිසල්, ආපනශාලා විවෘතව තැබෙන්නේ ආහාර රැගෙන යාම සඳහා පමණි.

රජයේ කාර්යාල ගොඩනැගිලි 50% ක් පමණ විවෘත කර තබන ලෙස ඉල්ලා ඇති අතර හැකියාවක් තිබේ නම්, නිවසේ සිට වැඩ කරන ලෙස ද ඉල්ලීමක් කර තිබේ.

මහාරාෂ්ට්‍ර මහ ඇමති උදව් තකරි පවසන්නේ, ප්‍රාන්ත වැසියන් ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම සහ එන්නත ලබා ගැනීමෙන් පසු මුව ආවරණ‌ නොපැළඳීම හේතුවෙන් මෙලෙස වෛරස ව්‍යාප්තිය යළි  ඉහළ ගොස් ඇති බවයි.

Read more

Local News