ගල්කිස්ස ප්‍රදේශයෙන් කැපුම් තුවාල සහිත මළ සිරුරක් සොයා ගැනේ

ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ නිවසක් අසල තිබී හමු වී තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මේ වන විට මෘත ශරීරය කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) දින සිදුකිරීමට නියමිතය.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version