අදත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයාඅප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (09) දහවල් 12:12 ට කිරින්දගමබකුණාවලපාදෙණියඑලගොමුවයෝධගනාවබලුකැකුළුකඩ සහ කුමනාරු යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

Read more

Local News