ඉන්දීය සංචාරකයින්ට නවසිලන්තයට ඇතුළුවීම තහනම් කෙරේ

Share

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතු කොටගෙන ඉන්දියාව තුල කොරෝනා ආසාදිතයින් වැඩි වීම නිසා ඉන්දියාවේ සංචාරකයින් හට සිය රට තුලට ඇතුළුවීම තාවකාලිකව අත් හිටුවීමට නවසීලන්තය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නවසිලන්ත බලධාරීන් සදහන් කරන්නේ එරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින් නිසා එරට තුල කොරෝනා ආසාදිතයින් ඉහළ යෑම දක්නට ලැබෙන බවයි.

ඉකුත් දා එරටින් නව කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු හදුනා ගැනුණු අතර එයින් 17 දෙනෙකුම ඉන්දීය සංචාරකයින් වීම මෙම තීරණයට ආසන්නතම හේතුව වි තිබේ

Read more

Local News