ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් රෝහලෙන් පිටව යයි

Share

කොරෝනා ආසාදිතව රෝහල්ගත කර සිටි ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් රෝහලෙන් පිටව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 

කෙසේ නමුත්, තවදුරටත් නිවසේ නිරෝධායනයට ලක්වන බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර තිබේ. 

47 හැවිරිදි ඔහු පසුගිය සතියේ රෝහල් ගත කරනු ලැබුවේ කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවකින් පසුවය.

ඔහු රෝහල්ගත වීමට පෙරද මෘදු රෝග ලක්ෂණ අත්විඳිමින් නිවසේ නිරෝධායනය වෙමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News