මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සියලු කටයුතු සූදානම් – වී අලෙවි මණ්ඩලය

වී අලෙවි මණ්ඩලය කියා සිටීන්නේ මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල වී මිලදී ගැනීමේ කටයුතු ද මේ වන විට ආරම්භ බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට කැබිනට් අනුමැතිය ද හිමිව ඇති බවත එහි සභාපති සඳහන් කරයි.

වී මිලදී ගැනීම් සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි සිදු කරන බවත්, මහ කන්නයේ වී අස්වැන්න සඳහා සාධාරණ මුදලක් ගෙවා වී මිලදී ගැනීමට වී අළෙවි මණ්ඩලය කටයුතු සිදු කරන බව ද සභාපති පැවසීය.

Exit mobile version