ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝනොවන රෝග පාලනය කිරීම සඳහා වූ ප්‍රමුඛ පෙළේ ස්වාධීන කොමිසමක සම සභාපතිධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනමා ඇත.
එවැනි සම සභාපතිධූර 05 ක් පිරිනමා ඇති අතර, පින්ලන්ත ජනාධිපතිවරයා, උරුගුවේ ජනාධිපතිවරයා, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සහ පාකිස්ථානයේ විශ්‍රාමික අමාත්‍යවරයෙකුට මෙම සම සභාපති ධූර පිරිනමා ඇත.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් සම සභාපති ධූරයේ සියලු වගකීම් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පවරා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.