ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් අඛණ්ඩව සිව්වැනි දිනටත් ලක්ෂ 3 ඉක්මවා යයි

Share

ගෙවුණු පැය 24 තුළදීත් එරටින් නව ආසාදිතයින් 350,000ට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇත. එරට කොවිඩ් මරණ ගණන ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. එසේ මරණ අනුපාතය ඉහළ යාමට හේතුව ලෙස වාර්තාවන්නේ ඔක්සිජන් හිඟකමයි. ඊයේ (24) දිනයේදී එරටින් වාර්තාවූ මරණ ගණන 2,761කි.

නවතම වාර්තාවලට අනුව සදහන් වන්නේ සෑම මිනිත්තු 4කට වරක්ම දිල්ලි අගනුවරින් එක් කොවිඩ් මරණයක් වාර්තා වන බවයි. ආසාදිතයින් දිනෙන් දින ඉහළ යන අතර, ඉන්දීය රෝහල් ඔක්සිජන් හිඟයකින් පීඩාවිදී.

දිල්ලි අගනුවර සහ ජනාකීර්ණ මහාරාශ්ට්‍රයේ රෝහල් ඔක්සිජන් නොමැතිව රෝගීන් රෝහලට ඇතුලු කරගැනීම පවා ප්‍රතික්ෂේප කරමින් සිටී. එසේම එරට කළු කඩවල වැඩි මිල ගණන්වලට ඔක්සිජන් ටැංකි අලෙවි වෙමින් පවතින බව සදහන් වේ.

Read more

Local News