දියේ ගිලී 16 හැවිරිදි තරුණයෙකු අතුරුදහන්

පමුණුගම, තල්දියවන්න මුහුදු තීරයේදී දියේ ගිලී තරුණයෙකු අතුරුදහන්ව ඇති බව වාර්තාවේ.
අතුරුදන්ව ඇත්තේ රත්නපුර, කරපිංචාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි තරුණයෙකි.
තල්දියවන්න මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතරින් එක් අයෙකු රළ පහරට අසුව මෙලෙස අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
පොලිස් සහ නාවික හමුදා නිළධාරින් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව අතුරුදන් වූ තරුණයා සෙවීමේ මෙහෙයුම් සිදු කෙරේ.
Exit mobile version