රාජාංගණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතකළ ගෝවීන් 51 දෙනාම ශරීර අැප මත අද (05) නිදහස් කර තිබේ.
තඹුත්තේගම දී රාජාංගණය ගොවීයන් පිරිසක් ජල ගැටලුවක් මුල් කරගනිමින් කළ විරෝධතාවයක් හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගන්නා ලදී.
තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කරන ලෙසත් සෑම මසකම අවසන් ඉරිදා තඹුත්තේගම පොලීසියේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර අැත.