පවුලේ සාමාජිකයන්ගෙන් මග හැරුණ සිරියාවේ දරුවා

Share

සිරියාවෙන් පලා යන දහස් ගණනක් අතරේ තම පවුලේ සාමාජිකයන් මග හැරුණ සිවුහැවිරිදි පිරිමි දරුවකු එක්සත් ජාතීන්ගේ සරණාගත නියෝජිතයන්ට මුණ ගැසි තිබේ.

මේ දරුවා මුණ ගැසෙන අවස්ථාවේ ඔහු අත තිබූ බෑගයේ තිබුණේ ඔහුගේ මවුපියන්ගේ ඇඳුම් බවයි වාර්තා වන්නේ.

මවුපියන් පිළිබඳව ඔහුගෙන් විමසූ විට ඔවුන් මිය ගොස් ඇති බව ඔහු එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සමඟ පවසා ඇතත්, ජෝර්දානයේ දී දරුවාට ඔහුගේ මවුපියන් සොයා දීමට ඔවුන් සමත් වී තිබේ.

සිරියාවේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් 2011 මාර්තු මාසයේ සිට මිලියන 2.5 කට වැඩි සංඛ්‍යාවක් තම නිවාස අතහැර පලා ගොස් ඇති අතර එම සරණාගතයන් ගෙන් භාගයක්ම ළමයින් බව එක්සත් ජාතීන් පවසයි.

Read more

Local News