අමෙරිකාව සතු කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 20ක් ජුනි මාසය නිමවීමට පෙර අනෙක් රටවලට ලබාදීමට ජනාධිපති ජෝ බයිඩන් එකඟ වී තිබේ.
තම රට තුළ කොවිඩ් වසංගත තත්ත්වය පහව යන බැවින් ඉතිරිව ඇති එන්නත් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් ලෙස භාවිත කිරීමට අමෙරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.




