ඉදිරි වසරේ සිය යුද වැය ශීර්ෂය යුආන් ට්‍රිලියන් 1.11ක් වනු ඇතැයි චීනය නිවේදනය කරයි. මෙය ඇමෙරිකානු මුදලින් ඩොලර් කෝටි 17500 ක් තරම් විශාල මුදල් කන්දරාවකි.
එම නව යුද ආයෝජනය බේජිං පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව බලන විට එය චීනය යුද්ධය වෙනුවෙන් යොදවන ලද ධනය 8% කින් වැඩිවීමකි.
ලෝකයේ දැවැන්තම හමුදාව චීනය සතු අතර එය තවත් නවීකරණය කිරීම බේජිං බලධාරීන්ගේ ඉලක්කයයි.