දෙවුන්දරතුඩුව බලා ජාතික ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව ගමන් අරඹයි

පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව බලා රැගෙන යන 43 වෙනි ජාතික ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව කොළඹ බලා  රැගෙන යාම ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකින් අනතුරුව ත්‍රිවිධ හමුදාවල ක්‍රීඩකයින් සහ ක්‍රීඩා පදනම්වල ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් යුත් විශේෂ පෙරහැරකින් අද (18) උදෑසන ගමන් ඇරඹීය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුන් ඇතුලු ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් , ක්‍රීඩා නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පොලිස් නිලධාරීන් සහභාගි වූහ.

මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 22දා ආරම්භ වන මෙම ක්‍රීඩා උත්සවය 24දා අවසන් කිරීමට නියමිතය. ක්‍රීඩා අමාත්‍යංශය පිහිටුවා වසර 50 ක් සපිරීම ද මෙවර ජාතික මහා ක්‍රීඩා උත්සවයේදී අභිමානයෙන් සැමරීමට කටයුතු යොදා තිබේ.

 

Previous articleඩෙන්මාර්කයේ පාපන්දු ක්‍රීඩිකාවෝ වැටුප් සම්බන්ධයෙන් වැඩ වර්ජනයක
Next articleආහාර නිෂ්පාදනයේ දී වස විසෙන් තොර ආහාර නිෂ්පාදනයට යොමු වන්න