ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කොළඹ සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා නාළිකාවේ නිර්මාතෘ අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීය.
කොළඹ සම්බෝධි විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර මහා සංඝරත්නය වෙත මෙන්ම දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.