මීගමු වෙරළට ගොඩගැසූ ගිනිගත් නෞකාවේ පිළිස්සුණු බහාලුම් සහ සුන්බුන් ඉවත්කිරීමට ගුවන් හමුදාවේ සහය ( photo )

Share

ගිනි ගැනීමට ලක් වූ x press parl නෞකාව නිසා මෙරට වෙරළ තීරයට ගොඩගසා ඇති පිළිස්සුණු බහාලුම් සහ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු සඳහා ගුවන් හමුදාවේ සහය හිමිව තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේත් මීගමු වෙරළට ගොඩගැසූ පිළිස්සුණු බහාලුම් සහ සුන්බුන් ඉවත් කිරීම සදහා ගුවන් හමුදා භට කණ්ඩායමක් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ උපදෙස් මත යෙදවීමට පියවර ගෙන තිබුණා.

මේ අනුව කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් භටයින් 250 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධික්ෂණය යටතේ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කර තිබෙනවා.

Read more

Local News