සිරියාවේදී රුසියානු හමුදාවට අයත් ගුවන් යානාවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 39දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ලටාකියා නගරයට නුදුරු මයිමිම් හමුදා කදවුරට යානය ගොඩබැස්සවීමේදී අනතුර සිදු වූ බවයි සිරියාවේ ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කර ඇත.
කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.