ප්‍රංශ ජනාධිපතිට කම්මුල් පහරක් එල්ල වෙයි

Share

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඉකුත් අඟහරුවාදා ඩ්‍රෝම් කලාපයේ සංචාරයක යෙදී සිටියදී ජනතාව වෙත ආචාර කරමින් සිටි අවස්ථවේදී ඒ අසල සිටි පුද්ගලයෙකුගේ පහර කෑමකට ලක්ව තිබෙනවා.

ඒ අවස්ථාවේදී ප්‍රංශ ජනාධිපතිවරයාගේ ආරක්ෂක පිරිවර මැදිහත් වී ජනාධිපතිවරයාට පහර දුන් පුද්ගලයා බිමට ඇද දමා වහාම ජනාධිපතිවරයාගේ ආරක්ෂා ව තහවුරු කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

Read more

Local News