උතුරු කොරියාව ආහාර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවට එරට නායක කිම් ජොන් උන් ප්‍රකාශ කරයි

Share

මේ වන විට සිය රට ආහාර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සදහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නායක රැස්වීමක් අමතමින්.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඉකුත් වසරේ එරට මුහුණ දුන් ස්වභාවික ආපදාවන් නිසා කෘෂි වගාවන්ට සිදුවූ හානිය බවත් කොරෝනා වෛසරය ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එරට දේශසීමාවන් වසා තැබීම හේතුවෙන් ද රට ආහාර අර්බුදයක් කර රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

Read more

Local News