හෙරොයින් සමග පුද්ගලයින් තිදෙනෙකු STF අත්‍අඩංගුවට

Share

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ සහකාර පොලිස් අධිකාරී අරුණ කටුගම්පොළ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති සාගර කුලසේකර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් අද උදෑසන පෑලියගොඩ දී සහ වනාත මුල්ල යන ප්‍රදේශවල දී හෙරොයින් සන්තකයේ තබා සිටි පුද්ගලයින් තිදෙනෙකු ඔවුන් ගමන් කළ කාර් රථයක් සමඟ අත්අඩංගුවට ගැනීමක් සිදු කළා.

අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 28 ක ප්‍රමාණයක් සහ ජංගම දුර කතනයක් අත් අඩංගුවට ගන්නා ලදී .නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ව්‍යාජ ලෙස රෝගියෙකු ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම සිදු කරන අතර අත්අඩංගුවට ගත් හෙරොයින් සහ කාර් රථය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිසියට භාරදීමට නියමිතව තිබෙනවා.

Read more

Local News