අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම පිලිබදව නව ගැසට් නිවේදනයක්

Share

සංචරණ සිමා පනවා තිබෙන කාල සීමාවේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබදව නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

වරාය, පෙට්ට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම සහ බෙදාහැරීම, රේගු ආඥා පනතට අනුව සිදුකළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලු සේවාවන් ක්‍රියාත්මක කිරීම, භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම මගී ප්‍රවාහනය සඳහා ගමනාගමන මණ්ඩලය විසින් සිදුකරන සියලුම ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කළ යුතු අතර එම පොදු සේවාවන් සේවා අවශ්‍යතාවයන් අනුව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන්නා වූ නඩත්තුව හා ආරක්ෂක මෙන්ම මෙහෙයුම් පවත්වා ගැනීම ඒ අනුව සිදුකළ යුතු වේ.

මීට අමතරව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු පරිපාලන ඒකකද, මහ බැංකුව ඇතුළු සියලු රාජ්‍ය බැංකු, රක්ෂණ සේවාවන්ද එම ගැසට් නිවේදනයෙන් ආවරණය කෙරේ. එමෙන්ම සමූපාකාර, සතොස ආදී ජනතාවට ආහාර පාන සහ අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය සැපයීමට ආයතනද එම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read more

Local News