සංචරණ සීමා ඉවත් කිරීම පිලිබදව යුද හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

දැනට රට පුරා පනවා ඇති සංචරණ සීමා ජූනි මස 21 වන සඳුදා අලුයම 4 සිට ඉවත් කෙරෙන අතර දිවයින පුරා ක්‍රියාත්මකවන සංචරණ සීමා තහනම ඉවත්කිරිම පිළිබද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධාන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කලේ

රාජ්‍ය සේවකයින් තම රාජකාරී කටයුතු ඉදිරියේ දීත් නිවසේ සිට සිදුකළ යුතු බවත් , පෞද්ගලික අංශයේ ආයතන සදහා අවශ්‍යතාවය පරිදි සීමිත සේවක සංඛ්‍යාවක් සහිතව පවත්වාගෙන යන ලෙසත් පළාත් අතර සංචරණ සීමා නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකව පවතින බවද මාර්ගෝපදේශවලට මුළුමනින් ම අනුගතව වෙළෙඳසැල් විවෘත කිරීමට ඉඩලැබෙන බව යි යුද හමුදාපතිවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කලේ.

එමෙන්ම තවදුරටත් මහජන රැස්වීම්, උත්සව, සාද සහ මහජනතාව ඒකරාශී වීම් සඳහා අවසර නොමැති බව ද සදහන්.

Read more

Local News