කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ හෙට (09) දිනයේ සිට නැවතත් වැසි සහිත කාලපරිච්චේදයක් අපේක්ෂා කෙරෙන බවයි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි බලාපොරොත්තු විය හැක.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.
දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.