වයස 30ට වැඩි බස්නාහිර සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත

Share

වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබෙනවා.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබෙන අතර ඇණවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමඟ විධිමත් සැලැස්මක් යටතේ, සැප්තැම්බර් මසට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට එන්නත ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කරබ් තිබෙනවා.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා විසින් මෙම උපදෙස් දෙනු ලැබිණ.

දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය “ඇස්ට්‍රාසෙනිකා” එන්නත් ප්‍රමාණය ඉක්මණින් ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය. ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගෙන ඇති සියලු දෙනාට එහි දෙවන මාත්‍රාව විධිමත් ආකාරයෙන් ලබාදීමට සැලසුම් කරන්නැයි ද ජනාධිපතිතුමා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නා.
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයෙකුට සති 45ක් යනතෙක් එහි දෙවන මාත්‍රාව ලබාගැනීමේ හැකියාව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතැයි, කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය, ප්‍රසන්න ගුණසේන මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.

පසුගිය සඳුදා සිට රෝහල් තුළදී එන්නත්කරණය ඇරැඹීමත් සමඟ ඉතා කෙටි කාලයකදී විශාල පිරිසකට කොවිඩ් එන්නත ලබාදීමට හැකිවී තිබේ. දිවයින පුරා එම ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

No photo description available.

Read more

Local News