කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 21ක ජල කප්පාදුවක්

Share

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, හෙට පෙරවරු 09.00 සිට අනිද්දා පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම අත් හිටුවනු ඇති.

කොළඹ 01, 02, 03, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

Read more

Local News