අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නමිත්තෙන්, දියුණුවේ මංපෙත් හෙළි කරයි, ඇය සවිමත්, යන තේමාව යටතේ කාන්තා දින සැමරුම් ජාතික උත්සවය ඊයේ (08) පස්වරුවේ පොළොන්නරුව, රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවත්විණි. ඒ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානතන්වයෙනි.
මෙවර කාන්තා දිනය වෙනුවෙන් සම්පාදනය කරන ලද ,සෙනෙහස, විශේෂ පුවත්පත් අතිරේකය ළමා හා කාන්තා කටයුතු ඇමතිණි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
කාන්තා ව්‍යවසායිකාවන් අගයමින් සම්මාන හා සහතික පත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු විය.
පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ කලා අංශයේ ඉගෙනුම ලබන දෘශ්‍යාබාධිත දැරියක් වන ඩබ්.ජී. සුබෝධා ශ්‍රීමාලි දැරිය විසින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිර්මාණය කරන ලද කවි පන්තියක්ද මෙහිදි ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.